
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ඒ එම කාරක සභාවේ අනු කාරක සභාවකට, සීමා සහිත ත්‍රිපෝෂ සමාගම පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දක්වමින් ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවේ ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය මෙම බඩ ඉරිඟු තොගය නිදහස් කිරීමට අවශ්‍ය පහසුකම් නොසැපයීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.










































