header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සාධාරණ ආර්ථික ප්‍රතිසාධනයකට සමාජ සංවාද ශක්තිමත් කිරීමට රජය සහ එක්සත් ජාතීන් එක්වෙයි
සාධාරණ ආර්ථික ප්‍රතිසාධනයකට සමාජ සංවාද ශක්තිමත් කිරීමට රජය සහ එක්සත් ජාතීන් එක්වෙයි
Mobitel 1278

ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව ශක්තිමත් කිරීම සහ සාධාරණ හා කිසිවෙකු බැහැර නොකරන ආර්ථික ප්‍රතිසාධනයක් සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශයේ සේවා ස්ථාන සහ ප්‍රජාවන් අතර සංවාදය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ දෙවසරක ඒකාබද්ධ වැඩසටහනක නිමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය එක්ව සනිටුහන් කර තිබේ.

'ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය' නමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා සේවකයින්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමටත්, තම ජීවිතවලට බලපාන තීරණ සැකසීමේ ක්‍රියාවලියට දායක වීමටත් අවස්ථාව ලබාදී ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස 'රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනය' සම්මත කරගෙන ඇති අතර, එමගින් දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සමාජ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කළ බවද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් ඒකක මුහුණ දුන් ඉහළ බදු, භාණ්ඩ මිල ඉහළ යාම, ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩ දරිද්‍රතාව වැනි පීඩනයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් එකට එක් කරමින් සංවාදය ඔස්සේ ගැටලු විසඳීම, ආරවුල් උත්සන්න වීම වැළැක්වීම සහ වඩාත් සර්ව-සහභාගී ආර්ථික පුනර්ජීවනයකට සහාය වීම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් සඳහන් කර ඇත්තේ, ආර්ථික පුනර්ජීවනය හරහා වඩා හොඳ රාජ්‍ය සේවා, සේවා ස්ථානවල සාධාරණ තත්ත්වයන් සහ ප්‍රජාවන්ට තම අනාගතය හැඩගස්වා ගැනීමට වැඩි අවස්ථා ලබාදිය යුතු බවය.

ජනතාවගේ ගැටලු අසා ගැනීමෙන් පමණක් නොනැවතී, ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමද වැදගත් බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන අරමුණු අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව එය ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය අංශයේ සමාජ සංවාදය වර්ධනය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ මිලියන 1.4කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර සංවාදය සඳහා අවකාශ නිර්මාණය කිරීමට ව්‍යාපෘතිය අවධානය යොමු කර තිබේ.

ඒ සඳහා සේවා ස්ථාන මට්ටම, ආංශික මට්ටම සහ ජාතික මට්ටම යන මට්ටම් තුනක ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර, ව්‍යාපෘතිය යටතේ සේවා ස්ථාන සංසද 87ක් සහ ආංශික සංසද 7ක් ස්ථාපිත කර ඇත.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සේවා ස්ථානවල ලිංගික හිරිහැර වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම, දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ කාන්තා සහභාගීත්වය හා නායකත්වය වැඩිදියුණු කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය ලබාදී ඇත.

මෙරට ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් පමණ අවිධිමත් ආර්ථිකයට අයත් වන පසුබිමක, කාන්තාවන්, තරුණ තරුණියන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලබන කණ්ඩායම් ප්‍රාදේශීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමටද වැඩසටහන කටයුතු කර තිබේ.

ඒ අනුව ගම්පහ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රජා සංසද 33කට සහාය ලබාදී ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය අවබෝධ කරගැනීම සහ ප්‍රජා ප්‍රමුඛතා දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා සංසද සාමාජිකයින් 180කට වැඩි පිරිසකට පුහුණුව ලබාදී ඇත.

මෙම වැඩසටහන හරහා රාජ්‍ය අංශය, පෞද්ගලික ව්‍යාපාර සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමට සහ ගැටලු හා දුක්ගැනවිලි ඉදිරිපත් කර ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීමට හැකි වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

මෙම ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් බවද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana