
මහජන පරිභෝජනය සඳහා ආහාර පිළියෙළ කර අලෙවි කරන සියලුම ආයතන ආහාර සුරක්ෂිතතා නීති සහ සෞඛ්‍ය ප්‍රමිතීන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.
අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ආහාර අලෙවි ස්ථාන සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවත්, නීති විරෝධී තත්ත්වයන්ට එරෙහිව අදාළ නීති රෙගුලාසි යටතේ ඉදිරි නීතිමය පියවර ගන්නා බව දැනුම් දෙයි.
මහජන සෞඛ්‍යය සුරැකීම වෙනුවෙන් පිරිසිදු, ආරක්ෂිත සහ නීත්‍යානුකූල ව්‍යාපාරික පරිසරයක් පවත්වාගෙන යෑම සියලුම ආහාර ව්‍යාපාරිකයින්ගේ වගකීමක් බවද බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර, මන්නාරම නගර සභාවේ බල ප්‍රදේශයට අයත් මන්නාරම නගරයේ ආහාර පිළියෙළ කර අලෙවි කරන ආහාර අලෙවි ස්ථාන 05ක් ඊයේ (23) මන්නාරම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.
මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ආකාරයෙන් ඇතැම් ස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම පරීක්ෂාවේදී සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්ව සහ අඩුපාඩු රැසක් අනාවරණය වී ඇත.
වෙළෙඳ බලපත්‍රයක් නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ ආහාර සුරක්ෂිතතාවට අදාළ අවශ්‍ය වාර්තා, ලියාපදිංචි කිරීම් ඇතුළු නීතිමය අවශ්‍යතා නිසි පරිදි පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
ආහාර පරිහරණය කරන සේවකයින් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතික නොමැති වීම සහ ආහාර පිළියෙළ කිරීමේදී පුද්ගලික සනීපාරක්ෂක ක්‍රමවේද නිසි පරිදි අනුගමනය නොකිරීමද වාර්තා වි ඇත.
ආහාර පිළියෙළ කරන ස්ථාන ප්‍රමාණවත් පිරිසිදුභාවයකින් පවත්වාගෙන නොයෑම මෙන්ම භාවිත කරන උපකරණ සහ භාජන සනීපාරක්ෂක තත්ත්වයක නොපැවතීම නිරීක්ෂණය වී තිබේ.
ආහාර ද්‍රව්‍ය ආවරණය කර හෝ ආරක්ෂිතව ගබඩා කර නොතිබීම, අමු ආහාර සහ පිළියෙළ කළ ආහාර වෙන් කර නොතැබීම සහ මැස්සන්, කැරපොත්තන් ඇතුළු කෘමීන්ගෙන් ආහාර දූෂණය විය හැකි තත්ත්ව දැක ඇත.
අපද්‍රව්‍ය සහ අපජලය නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් පරිසර දූෂණ සහ සෞඛ්‍ය අවදානම් ඇතිවිය හැකි වටපිටාවක් පැවතීම බොහො ස්ථානවලදි නිරීක්ෂණය වී තිබේ.










































