
වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන මෙරට ප්‍රතිංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සාර්ව ආර්ථික සථාවරත්වය යළි ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය සහතික කිරීම සහ තිරසර හා සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් සඳහා පදනම සැකසීම අරමුණු කරගත් පුළුල් ආර්ථික ස්ථායිකරණ, ප්‍රකෘතිමත් කිරීමේ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් රජය ක්‍රියාත්මක කරමින් තිබේ.
එම ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ප්‍රතිපත්තිමය කැපවීම් පිළිබඳ ධනාත්මක ඇගයීමකින් අනතුරුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා දීම පිණිස එකඟතාව පළ කර ඇත.
එකී ණය පහසුකම සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ ලෝක බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය ආධාරයට සමගාමීව ලබා දීමටද නියමිතව ඇත.
සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 24කින් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 6කින් සමන්තිව එකී ණය මුදල ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල වෙතින් ලබා ගැනීමට ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මේ ඇතුළුව ඊයේ (23) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහතින්,










































