header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
FBI ආයතනයට අත්‍යවශ්‍යව සිටි මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
FBI ආයතනයට අත්‍යවශ්‍යව සිටි මෙක්සිකෝවේ  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
Mobitel 1278

FBI ආයතනයේ වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන් දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි මෙක්සිකානු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එරට ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ ‘චාපෝ ඉසිඩ්‍රෝ’ මෙසා ෆ්ලෝරස් (Fausto Isidro "Chapo Isidro" Meza Flores) නමැති මෙම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු මෙක්සිකානු විශේෂ බලකාය විසින් සිනාලෝවා ප්‍රාන්තයේ ගුවාසාවේ (Guasave) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් හත්දෙනෙකු මියගොස් ඇති අතර, ගුවාසාවේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක භට පිරිස් රැගෙන යමින් සිටි මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු ද මියගොස් තිබේ.

මෙසා ෆ්ලෝරස්ට එරෙහිව සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙක්සිකෝවේ නඩු පවරා ඇති අතර, ෆෙන්ටැනිල්, කොකේන්, හෙරොයින් ඇතුළු මාරාන්තික මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අමෙරිකාවට සපයා ඇති බවට FBI ආයතනය ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ඔහු අමෙරිකාවට පිටුවහල් කර ගැනීමට ද එරට බලධාරීන් කටයුතු කරමින් සිටී.

මෙසා ෆ්ලෝරස් 1990 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සිට ඇති බව සැලකෙන අතර, මෙතෙක් බලධාරීන්ගෙන් සැඟවී සිටීමට සමත්ව තිබුණේ අඩු ප්‍රසිද්ධියක් පවත්වාගෙන යාම හේතුවෙන් බවද වාර්තා වේ.

අමෙරිකානු බුද්ධි අංශ ලබාදුන් ඔහුගේ ස්ථානගත වීම පිළිබඳ තොරතුරු මත මෙක්සිකානු විශේෂ බලකාය මෙම මෙහෙයුම දියත් කර තිබේ.

ඒ අනුව, හදිසි හා රහසිගත මෙහෙයුමක් ඔස්සේ මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගොඩනැඟිල්ලට ඇතුළුවීමට පෙර ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර  එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අටදෙනා අතර මෙසා ෆ්ලෝරස්ගේ ඥාති සහෝදරයෙකු වන එම සංවිධානයේ දෙවැනි ප්‍රධානියා සහ සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවන ඔහුගේ මස්සිනා ද සිටින බව ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙහෙයුම අතරතුර අත්බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ ගිනිඅවි රැසක් මෙන්ම මත්ද්‍රව්‍ය සහ මුදල් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇති වූ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙක්සිකෝවේ හර්මෝසිලෝ (Hermosillo) නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් ජනරාල් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අහෝමේ (Ahome), ගුවාමුචිල් (Guamúchil), ගුවාසාවේ (Guasave) සහ නවලටෝ (Navolato) ප්‍රදේශවල ආරක්ෂක මෙහෙයුම්, සන්නද්ධ ගැටුම්, මාර්ග අවහිර කිරීම් සහ වාහන ගිනි තැබීම් පිළිබඳ වාර්තා නිරීක්ෂණය කරමින් සිටින බව එම කොන්සල් කාර්යාලය සඳහන් කර ඇත.

එම ප්‍රදේශවල සිටින අමෙරිකානු පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙසත්, පදිංචිකරුවන්ට ආරක්ෂාව සඳහා නිවාස තුළ රැඳී සිටින ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

2025 වසරේදී මෙසා ෆ්ලෝරස් FBI ආයතනයේ වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන අවස්ථාවේදී පැහැර ගැනීම්, කප්පම් ගැනීම් සහ වධහිංසා පැමිණවීම් ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

එවකට FBI වැඩබලන අධ්‍යක්ෂ බ්‍රයන් ඩ්‍රිස්කෝල් සඳහන් කර තිබුණේ මෙසා ෆ්ලෝරස් සහ ඔහුගේ සංවිධානය මෙක්සිකෝව සමඟ ඇති අමෙරිකාවේ දකුණු දේශසීමාව හරහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.

2012 වසරේදී අමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔහුට මුලින්ම චෝදනා ගොනු කර තිබූ අතර, 2019 වසරේදී යළිත් චෝදනා එල්ල කර තිබේ.

වයස අවුරුදු 44ක් වන මෙසා ෆ්ලෝරස් 2005 සිට 2019 දක්වා කාලය තුළ කොකේන්, හෙරොයින්, මෙතැම්ෆෙටමින් සහ මරිජුවානා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට කුමන්ත්‍රණය කළ බවට ද චෝදනා ලබා සිටී.

ඔහු මුලින් බෙල්ට්‍රාන් ලේවා සංවිධානයේ (Beltrán Leyva Organization) ඉහළ පෙළේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, එම සංවිධානයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර ඇති වූ බෙදීමත් සමඟ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති අතර, 2013 වසර වන විට ඔහු තමන්ගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් පිහිටුවාගෙන තිබේ.

2024 වසරේදී මෙක්සිකානු බලධාරීන් විසින් ෆෙන්ටැනිල් පෙති මිලියන 20ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය මෙසා ෆ්ලෝරස්ගේ කාටෙල් සංවිධානයට සම්බන්ධ බවට වාර්තා වීමෙන් පසු ඔහු FBI හි වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබිණි.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා