
පන්නිපිටිය, දෙපානම ප්රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.
අද පෙරවරු 9.05ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථයක් ද එම ස්ථානයට පැමිණ තිබේ.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර, ගින්න හේතුවෙන් වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදුව ඇත.
පොලීසිය පැවසුවේ මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවය.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































