
සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පලතුරු ඉදවීමේ කුටීරයක් පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මෙම කුටීරය විවෘත කරනු ලැබීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
ආහාරවල තත්ත්ව පරීක්ෂාව, ගුණාත්මක ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම සහ පර්යේෂණ සිදු කිරීම එම ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතර වේ.
මෙහිදී ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කිරීමට කූඩා බෙදාදීමක්ද සිදු කර තිබේ.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















































