header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මේ දිනවල කතාබහට ලක්වන ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය - INORA
මේ දිනවල කතාබහට ලක්වන ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය - INORA
Mobitel 1278

මේ දිනවල ධීවර ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන ‘මාළු ඇප්’ (Fish App) ජංගම යෙදවුම සහ සාගරයේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාගර සම්පත් විශ්ලේෂණ ආයතනයේ (INORA) විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාගරයේ මත්ස්‍ය ගහණය ඉහළ ප්‍රදේශ සෘජුව හඳුනාගැනීමට දැනට ලොව කිසිදු සෘජු තාක්ෂණික මෙවලමක් භාවිතයේ නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, ධීවර යාත්‍රාවල ඇති Fish Finders මඟින් ආවරණය වන්නේ යාත්‍රාව අවට ඉතා සීමිත ගැඹුරු ප්‍රදේශයක් පමණක් බව අවධාරණය කරයි.

තාක්ෂණික ක්‍රමවේදය සහ සංකීර්ණ පසුබිම

සාගරයේ මත්ස්‍ය කලාප අනුමාන කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන ක්‍රමවේද රාශියක් දායක කරගන්නා බව රණවක මහතා පෙන්වා දෙයි.

චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය - සාගර ජල මතුපිට උෂ්ණත්වය (Sea Surface Temperature - SST) සහ හරිතප්‍රද සාන්ද්‍රණය (Chlorophyll Concentration) හරහා කුඩා මසුන් සහ ඒවා ආහාරයට ගැනීමට පැමිණෙන විශාල මත්ස්‍යයන් සිටිය හැකි කලාප අනුමාන කළ හැකිය.

සාගර දියවැල් සහ රළ උස - සාගර දියවැල් (Ocean Currents) සහ මතුපිට රළ උස (Wave Height) විශ්ලේෂණයෙන් මත්ස්‍ය ගහන ප්‍රදේශ මෙන්ම ඔවුන්ගේ සංක්‍රමණ රටා (Migratory Patterns)ද පුරෝකථනය කළ හැක.

රාත්‍රී කාලීන චන්ද්‍රිකා ඡායාරූප (VIIRS) - රාත්‍රී කාලයේ මුහුදේ ක්‍රියාත්මක වන ධීවර යාත්‍රා පවතින ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මත්ස්‍ය ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශ හඳුනාගත හැක.

යාත්‍රා නිරීක්ෂණ පද්ධති- VMS (Vessel Monitoring Systems) සහ AIS (Automatic Identification System) මඟින් යාත්‍රාවල ගමන් මාර්ග නිරීක්ෂණය කරමින් යාත්‍රා පොකුරු පවතින ප්‍රදේශ ධීවරයන් වෙත සන්නිවේදනය කිරීම වඩාත් ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයකි.

මෙම ක්‍රියාවලිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ධීවර දෙපාර්තමේන්තුව (VMS), නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධ කරමින් සිදුකළ යුතු සංකීර්ණ සහ අධික පිරිවැයක් දරන ක්‍රියාවලියක් බව හෙතෙම පෙන්වා දෙයි.

වත්මන් ‘මාළු ඇප්’ එකේ සීමාවන් සහ පසුබිම

2020 වර්ෂයේදී මිලියන 100 ක පමණ පිරිවැයක් දරමින් කාලගුණ දත්ත සැපයීම සහ අනතුරකදී ස්ථාන නිර්ණය කිරීම සඳහා ජංගම යෙදවුමක් නිර්මාණය කරන ලදී. නාරා (NARA) ආයතනය විසින් 2008/2009 කාලයේ සිට ආරම්භ කරන ලද මත්ස්‍ය ගහන දත්ත 2025 සිට මෙම යෙදවුම හරහා ධීවරයන්ට ලබා දීම සිදුකළද, වෙරළේ සිට නාවික සැතපුම් 20–25ක් පමණ දුරට ගමන් කිරීමේදී ජංගම දුරකථන සංඥා (GSM) අහිමි වීම හේතුවෙන් මෙහි සන්නිවේදන කටයුතු වෙරළ ආසන්න යාත්‍රා සඳහා පමණක් සීමා වී ඇත.

අතීත අත්දැකීම් සහ INORA ආයතනයේ ඉදිරි දැක්ම

2018 වර්ෂයේදීද මෙම යෙදවුමක් ධීවර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළද, එවකට පැවති නිලධාරීවාදී බාධා සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එම අවස්ථාව ධීවර ක්ෂේත්‍රයට අහිමි වූ බව රණවක මහතා සිහිපත් කරයි. එතැන් පටන් වසර අටක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ධීවර ජනතාවට උපරිම මිලක් ලබාදීමේ අරමුණින් ‘Blue Biz Lanka’ නමින් ජාත්‍යන්තර සමාගම් සම්බන්ධ කරගනිමින් වෙන්දේසි වේදිකාවක් මේ වන විට පර්යේෂණ මට්ටමින් නිර්මාණය කර ඇත.

එනම් සරලවම කිවහොත්, මෙහිදී සිදුවන්නේ ධීවරයන්ට තම මසුන් සඳහා වඩාත්ම වාසිදායක සහ ඉහළම මිල ලබා දීම සඳහා ගැනුම්කරුවන් තරඟ කරන ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීමයි.

දැනටමත් වෙබ් යෙදවුම් නිර්මාණය කර අත්දැකීම් ඇති තම ආයතනයට මෙවැනි නවීන තාක්ෂණික යෙදවුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ පර්යේෂණ පසුබිම සහ ඥානය පවතින බවත්, නිසි අනුග්‍රහයක් ලැබෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකිරීමට හැකි බවත් INORA ආයතනය විශ්වාසය පළ කරයි.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

"මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?