
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්රාප්ත වී තිබේ තිබේ.
මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරි පත්වූ ඒ මහතා වර්තමානයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයකින් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.
වඩමරච්චි, වැල්වැටිතුරෙයි උපන් එම්.කේ. සිවාජිලිංගම් මහතා, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා තම දේශපාලන ගමන ආරම්භ කළේය.
පසුගිය 2001 හා 2004 වර්ෂයන් හිදී දෙමළ ජාතික සන්ධානය තුළින් යාපනය දිස්ත්රික්කයෙන් මැතිවරණයට තරග කළ ශිවාජිලිංගම් මහතා එම අවස්ථා දෙකෙහිදිම පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
එමෙන්ම පසුගිය 2010 ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඒ මහතා තරග කරනු ලැබීය.
2013 වසරේ පැවැත්වූ උතුරු පළාත් සභාවේ පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් යුද්ධය නිමා වීමෙන් පසුව පැවැති උතුරු නැගෙනහිර විරෝධතා, උපවාසවල මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.
එමෙන්ම දෙමළ පක්ෂ කිහිපයක එකතුවෙන් පිහිටවූ දෙමළ ජාතික සන්ධානය බිහි කරලීම වෙනුවෙන්ද ශිවාජිලිංගම් මහතා ක්රියාකාරි දායකත්වයක් ලබා දුන් අයෙක් ලෙසද සඳහන් වේ.
අභාවප්රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේදී සිදු කිරීමටද නියමිතය.



















































