
නුවරඑළිය - තලවාකැලේ A7 ප්රධාන මාර්ගයේ නානුඔය, ඩෙස්පෝඩ් ප්රදේශයේදී අද (14) පෙරවරුවේ බස් දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට ලක් වූ එක් බස් රථයක් නුවරඑළිය දෙසට ධාවනය වී තිබේ. ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් බස්රථය නුවරඑළිය සිට අගරපතන දක්වා ධාවනය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































