
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි 4වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 244ක වාර්තාගත ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය.
මෙය ඉන්දියාව එක්දින තරග ආකෘතියේ ලකුණු පරතරය අනුව ලැබූ දෙවන විශාලතම පරාජය ලෙස වාර්තා අතරට එක්විය.
2000 වසරේ සාජාහිදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 245ක පරාජයක් ලැබීම, ඉන්දියාවට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් ලබා ඇති හොඳම ජයග්‍රහණයයි.
Mount Maunganui හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය, පන්දුවාර 50 තුළදී ලකුණු 333/10ක් රැස්කළේය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 89ක් පමණි.
මෙය ජාත්‍යන්තර එක්දින පිටියේ ඉන්දියාව දැවීගිය 6වන අඩුම ලකුණු සංඛ්‍යා වේ. 2000 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 54කට සීමාවීම තවමත් ඔවුන් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ.
ප්‍රබල පිතිකරුවන් වූ රෝහිත් ශර්මා, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර් ලකුණු නොලබාම දැවීගිය අතර, පිතිකරුවෝ සිවුදෙනෙකුටම ලකුණු 5කට වඩා රැස්කිරීමට නොහැකි විය.
ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඉෂන් ක්‍රිෂාන් ලකුණු 27ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දියාව අසරණ කළ පන්දු යැවීමක නිතර වූ මැට් හෙන්රි ලකුණු 27කට කඩුලු 6ක් දවාගත්තේය.
කෙසේ නමුත් තරග 5කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටී. දෙරට අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

















































