
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි ෂෙයික් කලීෆා බින් සයිඩ් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දරුණු ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරට ලක්වූ ට්‍රක් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් තවත් වාහන කිහිපයකම ගැටී ඇති බව වාර්තා වේ.
මෙම දරුණු අනතුරෙන් ඉන්දීය ජාතිකයින් ඇතුළු 30කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරත් සමග ට්‍රක් රථයේ ගින්නක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් වාහන කිහියක් වෙතද පැතිර යාමෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව ඉහළගොස් ඇති බව සඳහන්.
ෆුජයිරා පොලිසිය නිවේදනය කර ඇත්තේ, අධික තදබදය හේතුවෙන් සෙමින් ධාවනය වූ වාහන පෙළක් වෙත පාලනය ගිලිහුණු මෙම ට්‍රක් රථය ගැටී පෙරළී යාමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බවය.

















































