header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
Mobitel 1278

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ජනාධිපතිවරයා විසින් අද අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිතය.

අයවැය කතාව සිදුකෙරෙන අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.

අද දෙරණ 2027 අයවැය විශේෂ වැඩසටහන පහතින් දැක්වේ. 


  • මැදපෙරදිග යුද්ධය අපෙගේ බලශක්ති වෙළෙඳපොළට බලපෑම් කළ අතර ඒ වෙනුවෙන් මෙරට ජනතාවට සහනාධාර වෙනුවෙන් බිලියන 144ක් වැය කරා...

  •  අපගේ ඉලක්කය වන්නේ ආර්ථික කළමනාකරණය මෙන්ම අනාගත පරපුරට මින් ඉදිරියට අතීතයේ මෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.

  • වසර 68 කට පසු අඩුම අයවැය අගය වාර්තා කළා.

  • පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවුණා.

  • 2025 වසරේ දී ජංගම ගිණුම ඩොලර් මිලියන 1,719ක ඉතිහාසයේ ඉහළම අතිරික්තයක්.

  • මේ වසරේ ඩොලර් බිලියන 9 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.

  • 2022 අවසන් විට පැවති ණය ප්‍රමාණය 2025 අවසානය වනවිට 95%ක් දක්වා අඩුකරගැනීමට සමත් වුණා.

  • 2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීමට වැය වුණා. 2025 වසර වනවිට එය 45.9% දක්වාත් 2026 සැප්තැම්බර් වනවිට 39.6% දක්වාත් තවදුරටත් අඩුකිරීමට හැකි වුණා.

  • 2022 දී රාජ්‍ය ව්‍යවසායන් 52ක් වෙනුවෙන් වාර්තා කළ රු බි 744.6ක සමස්ත බද්දට පෙර  සුද්ද අලාභය 2025 දී රු බි 44.4 ලාභයක් බවට පත් කළා. මහා භාණ්ඩාගාරයට තිබුණු පීඩනය අඩු කරා. 2026 අගෝස්තු අවසානයේ රු බි 367 බදු පෙර ලාභයක් රාජ්‍ය ආයතන වාර්තා කළා.

  • ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කළ දූෂණ සංජනන දර්ශකය අනුව ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාන 14කින් ඉදිරියට පැමිණ 107 වන ස්ථානයට, ගෝලීය සාම දර්ශකය අනුව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ ගෝලීයව 67 වන තැනට පැමිණ තිබෙනවා. 

  • 2018 වසරෙ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රු බි  528ක්. භාණ්ඩාගාරයට බරක් වෙලා. විසඳුම් හොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා.

  • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා 2025 සමස්ත ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩො මිලියන 4042ක්. 2026 සැප්තැම්බර් වනවිට එයට ඩො මිලියන 4487ක් වැයවුණා.

  • වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම තුළ විදෙස් සංචිත 2026 ඔක්තෝබර් ඩොලර් බිලියන 7 ඉක්මවයි. මේ වනවිට ඩොලර් 1.5ක LC විවෘත කරලා. ඩොලර් බිලියන 2කට වැඩි වැය බරක් ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදුවෙනවා.

  • 2025 දෙසැම්බර් මාසයේ 2.1% වාර්ෂික උද්ධමනය 2026 ඔක්තෝබර් 8.3%කට වැඩි වුණා.

  • රාජ්‍ය බැංකු පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2024 හා සංසන්දනය කිරීමේදී 25%කින් ඉහළ ගියා.

  • පසුගිය වසර 2ක තුළ ආර්ථික, සමාජීය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක්. 2026 වන විට රේටින් සමාගම් මඟින් CC+ සිට B- දක්වා ඉහළ නංවා තිබෙනවා. බංකොළොත් වෙලා තිබුණ රටක්.
  • 2025 වසරේ දී තනිව සංචාරය කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමු තැනශ්‍රී ලංකාවට.
  • 2026 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.
  • 2027 අයවැයෙන් මෙතෙක් අපි අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ සහ යෝජනා ක්‍රියාවට නැංවීමයි.
  • 2027 අයවැයේ උපායමාර්ගික අරමුණු 7ක්.
  • 2028 ණය ගෙවීමේ මූල්‍ය ස්ථාවරය අප සතුයි. 2032 රාජ්‍ය ණය 95%දක්වා අඩු කිරීමට IMF ඉලක්කයයි. එය අභියෝගයකි.
  • ක්ෂූද්‍ර මූල්‍ය ණය අධිකාරිය 2027 වසරේ ස්ථාපනය කරනවා.
  • රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත 2027 මුලදී ගෙන එනවා.
  • ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.

2027 අයවැය යෝජනා

  • ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.
  • ජාතික සංඛ්‍යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටිනවා.
  • 2027 මුලදී රේගු ආඥ පනත සංශෝධනය කරනවා.
  • නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
  • නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
  • මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
  • ආයෝජන ප්‍රදේශ හඳුනාගෙන කොළඹින් පිටතට රැගෙනයාම සඳහා විශේෂ සහන පැකේජයක්.
  • ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව විශේෂ සමාගමක් පිහිටුවනවා.
  • සූදු අධිකාරී පනතට නියාමන කොන්දේසි ගෙන එනවා.
  • ආනයනය සහ අපනයනයකරුවන් සියලු දෙනා‘තනි වෙළඳ කවුළුවට’
  • තවත් රාජ්‍යයන් සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා.
  • චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
  • ආයෝජන ප්‍රවර්ධනය සඳහා විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වය ඇති 100%ක් භාණ්ඩාගාරය හිමිකම් දරණ විශේෂ සමාගමක් පිහිටු වනවා. එම පුද්ගලයින්ව විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.
  • කැසිනෝ සහ සූදු නියාමනයට විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කරලා අවසන්. ඉක්මනින් පාර්ලිමේන්තුවට.
  • තෝරාගත් අපනයන භාණ්ඩ කිහිපයක් සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුවට අපනයන ව්‍යාපාරිකයින් 2027 මුල් භාගයේ සහ ආනයන ව්‍යාපාරිකයින් සහ ප්‍රතිනැව්ගත කිරීම් 2027 අගභාගයේදී. එය තවත් ප්‍රවර්ධනයට රු.මි 1990ක් වෙන් කිරීමට යෝජනා.
  • චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
  • ජාතික තනි ආයෝජන කවුළුව නිර්මාණයට උපදෙස් සමාගමක් ලබාගැනීම වෙනුවෙන් ලංසු කැඳවා තිබෙනවා. එය ස්ථාපිත කිරීමට රු මි 100ක්.
  • ශ්‍රී ලංකා - යුරෝපා ආර්ථික වෙළඳ සහයෝගීතා කටයුතු සඳහා රු.මි. 3430ක්.
  • ශ්‍රී ලංකා රේගුවේ ස්කෑන් පද්ධතිය පුළුල් කිරීම සඳහා ස්ථිර ස්කෑන් යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබාගැනීම සඳහා රු.මි. 1,000ක්
  • වරාය අතර වෙළෙඳ ගනුදෙනු - ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන් අපනයට යොමු කිරීම සඳහා දැනට පවතින අපනයන සඳහා ආනයන කරන ලද භාණ්ඩ බදු සහන නිෂ්කාෂණ ක්‍රියාවලිය නවීකරණයට යෝජනාවක්.
MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ