
අත්‍යවශ්‍ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද (12) මධ්‍යම රාත්‍රියේ සිටි අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2027 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදු කරමිනි.
"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කරනවා.
මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි."
එමෙන්ම මෙවර ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඒ අනුව මසක බදු නිදහස් සීමාව රු. 162,500ක් දක්වා තවදුරටත් ඉහළ නැංවීමට යෝජනා කෙරුණි.
අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් සඳහා වැට් බදු නිදහස් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා කියාසිටියේය.
සිනමා ටිකට්පත් ආදායම මත වැට් බදු වගකීම ගණන කිරීමේ පදනම සංශෝධනය කරන බව ද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා සපයනු ලබන ඉන්ධන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කෙරුණි.
අත්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය එහිදී ජනාධිපතිවරයා කීය.
තෝරාගත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංග (HS) පේළි 800කට අදාළ දැනට පවතින සෙස් බදු අනුපාතිය 25%කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.
නිශ්චිත (HS) කේත යටතේ වර්ගීකරණය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා දැනට අය කරන 10% වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL) 2027 ජනවාරි 01 සිට ඉවත් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
සංචාරක ආයතනවල පිරිවැටුම මත දැනට අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායකය මහතා යෝජනා කළේය.
තව ද ආදායම් කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් සුරාබදු ආඥා පනතට සංශෝධන ගෙන ඒමට යෝජනා කර බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

















































