
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා හදිසි අසනීප තත්ත්වයකින් මියගොස් තිබේ.
'අද දෙරණ' කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රීයේ ඔහු බන්ධනාගාරය තුළ දී මිය ගොස් ඇති බවය.
කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා මියයන විට 78 වන වියේ පසුවුණි.
















































