
අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටි කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
මෙම පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන්වහන්සේලා තුන්නමක් සිටින බව පොලිසිය පැවසීය.
සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.
රාජාංගනයේ සද්ධාරතනගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමග ඇති වූ ගැටුමකින් අනතුරුව කස්සප හිමි ඇතුළු පිරිසක් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබුණි.



















































