
රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය දෙවන දිනටත් අද (12) ක්‍රියාත්මක කර තිබේ.
සිරදඬුවම් නියමව සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස සහ අනුරාධපුර පුජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලමින් පුජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ තුන් නමක් ඊයේ (11) මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
උපවාසයේ නිරත භික්ෂුන් වහන්සේ ආහාර හෝ ජලය කිසිවක් ලබාගැනීමකින් තොරව උපවාසයේ නිරතව සිටින බව 'අද දෙරණ' වාර්තාකරු සඳහන් කළේය.
ඊයේ රාත්‍රියේත් උපවාස භුමිය වෙත භික්ෂුන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිස් උපවාසයේ නිරත භික්ෂුන් වහන්සේට සහාය පළකිරීම සඳහා එක්ව සිටියහ.
















































