
ලොව පුරා Microsoftවල ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්යුත් තැපැල් සේවාවන් වෙතට බාධා එල්ල වී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කර ඇත්තේ අද (13) පෙරවරුවේ සිට ගුවන් සේවා අධිකාරියේ නිල විද්යුත් තැපැල් සේවාවන්හී තාවකාලික බාධාවන් මතුව ඇති බවය.
මේ හේතුවෙන් මෙම කාලසීමාව තුළ ගුවන්සේවා ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්, රාජ්ය ආයතන සහ මහජනතාව වෙත හදිසි විමසීම් හෝ නිල කටයුතු සඳහා අදාළ CAASL නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක හෝ නිල ස්ථාවර දුරකථන අංක ඔස්සේ සම්බන්ධවන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
කෙසේ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් අධිකාරියේ මෙහෙයුම් කටයුතු සහ සේවාවන්ට කිසිදු බාධාවක් සිදු නොවන අතර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් නිල විද්යුත් තැපැල් සේවාවන් යථා තත්ත්වයට පත්වූ වහාම ඒ පිළිබඳව වැඩිදුර දැනුම්දෙන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.




















































