header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ලොව පුරා හදිසියේ බිඳ වැටුණු Microsoft සේවාවන්
ලොව පුරා හදිසියේ බිඳ වැටුණු Microsoft සේවාවන්
Mobitel 1278

ලොව පුරා දහස් සංඛ්‍යාත පරිශීලකයින්ට බලපා ඇති Microsoft සේවා බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව එම සමාගම පවසයි.

මෙම බිඳවැටීම හේතුවෙන් Microsoft Outlook, Teams සහ සමාගමේ කෘත්‍රිම බුද්ධි සහායක මෘදුකාංගයක් වන Copilot ඇතුළු Microsoft 365 සේවාවන් රැසකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් 12 වැනිදා අමෙරිකාවේ වේලාවෙන් ආරම්භ වූ මෙම බිඳවැටීම හේතුවෙන් ලොව පුරා පරිශීලකයින්ට විද්‍යුත් තැපැල් සේවා වෙත පිවිසීමේදී මෙන්ම පණිවිඩ යැවීමේදී සහ ලැබීමේදී ද බාධා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සේවා බිඳවැටීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන Downdetector වෙබ් අඩවියට පැයක පමණ කාලයක් තුළ රටවල් සහ ප්‍රදේශ 74කින් ගැටලු වාර්තා වී ඇති බවය.

එමෙන්ම බිඳවැටීමේ ඉහළම අවස්ථාවේදී Outlook සේවාව සම්බන්ධයෙන් පැමිණිලි 140,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.

මෙම බිඳවැටීම අමෙරිකාව ඇතුළු යුරෝපයේ, ආසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ පරිශීලකයින්ට ද බලපෑම් එල්ල කර තිබේ.

මේ අතර Microsoft සමාගම සඳහන් කර ඇත්තේ සිය පද්ධතිවල ඇති වූ අධික තදබදය හේතුවෙන් සම්බන්ධතා ගැටලු මතුව ඇති බවය.

සේවාදායක පරිගණක රැසක් අනපේක්ෂිත ලෙස ක්‍රියා විරහිත වීමත් සමඟ අනෙකුත් පද්ධති වෙත පැවරෙන කාර්යභාරය ඉහළ ගොස් ඇති බවද සමාගම පෙන්වා දී තිබේ.

බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අක්‍රිය වූ සේවාදායක පරිගණක නැවත ක්‍රියාත්මක කිරීමට සහ දත්ත ගමනාගමනය විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇතැම් පද්ධති යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී ඇති නමුත් සම්පූර්ණ සේවා ප්‍රතිෂ්ඨාපනය තවදුරටත් සිදුකරමින් පවතින බව Microsoft සමාගම සඳහන් කර ඇත.

කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක කළ ඇතැම් සේවාදායක පරිගණක වෙත පරිශීලක ඉල්ලීම් වැඩි වීමත් සමඟ ඒවා යළි ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇති බවද අනාවරණය වී තිබේ.

එමෙන්ම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදීම හේතුවෙන් විකල්ප විසඳුම් සොයා බැලීමටද සමාගම පියවර ගෙන ඇත.

මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් හෝ වෙනත් හානිකර සයිබර් ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද Microsoft සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙම බිඳවැටීම සිංගප්පූරුවේ ඇතැම් රාජ්‍ය පද්ධතිවලටද බලපා ඇති බව එරට රාජ්‍ය තාක්ෂණ ඒජන්සිය තහවුරු කර ඇත.

ඒ අනුව එරට ඇතැම් රාජ්‍ය ආයතනවල විද්‍යුත් තැපැල් සේවාවන්ට බාධා එල්ල වී ඇති අතර මහජනතාවගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමද ප්‍රමාද විය හැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ හදිසි සේවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් එම සේවාවට බලපෑමක් එල්ල වී නොමැති බවත් බලධාරීන් සඳහන් කර ඇත.

මේ අතර මෙම බිඳවැටීමෙන් ප්‍රයෝජන ගැනීමට වංචාකරුවන් උත්සාහ කළ හැකි බැවින් සැක සහිත සබැඳි වෙත පිවිසීමෙන් සහ බැංකු හෝ තාක්ෂණික සමාගම් නියෝජනය කරන බව පවසමින් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයින්ට එම තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසද අනතුරු අඟවා තිබේ.
බිඳවැටීම හේතුවෙන් අඩාල වූ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර පරිශීලකයින්ට ක්‍රමයෙන් සිය සේවාවන් වෙත නැවත පිවිසීමට හැකිවනු ඇති බව Microsoft සමාගම සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි