
ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්රෝ සමාගමෙන් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂය, ආණ්ඩු පක්ෂයට එල්ලකළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවට මෙම කරුණු අනාවරණය කළේය.
මෙහී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ලාෆ්ස් ගෑස් මසකට පිරවීම සිදුකරන්නේ ලක්ෂ 3ක ප්‍රමාණයක් බවය.
මේ අතර වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් (100,000) ඇණවුම් කර ඇති බවත්, ඉන් දෙසැම්බර් මස වනවිට 35,000ක් පැමිණීමට නියමිත බවත් පැවසීය.
එළැඹෙන අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදී ඇති බවත්, එම සහන යටගැසීමේ අරමුණෙන් ගෑස් මිල ඉහළ දැමූ බවට සමාජය තුළ මතයක් ගොඩනැගීම සඳහා මෙලෙස ගෑස් මිල වැඩිකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් එම ප්රශ්නය භාරගැනීමට රජය සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගෑස් සිලින්ඩරේ වර්ණය කුමක් වුවත්, කැමති අයෙකුට ඕනෑම වර්ණයක සිලින්ඩරයක් මිලදී ගැනීමේ අවස්ථාව් සැලසීමට බලාපොරොත්තු වන බවද මෙහිදී පැවසීය.
ඒ අනුව එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයේ ගෑස් සැපයුම වැඩිකළ යුතු බවත්, ලිට්රෝ සමාගම හරහා එය සිදුකරන බවත් සඳහන් කළේය.
එනිසා ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නොවන බවත්, එය
අර්බුදයක් කිරිමට විපක්ෂය උත්සාහ දරන බවත් පැවසීය.



















































