
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ එරට නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූ බවය.
එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මීට අමතරව බෙලරුස් හී අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයින් එරටට පැමිණීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමටද අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බවය.
මෙම පියවර මගින් එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකික සිසුන්ට මෙන්ම බෙලරුස් හී අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වලට ද සහන සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



















































