header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්‍රාත්තුවක්
ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්‍රාත්තුවක්
Mobitel 1278

ඉන්දියාවේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ වන බවය.

ඉන්දියාවේ අන්දමන් දූපතේ පෝර්ට් බ්ලෙයාර්හි හෝප් ටවුන් ප්‍රදේශයේ මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත අතර, ස්වාභාවික වායුව භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation (NTPC) Limited සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබේ.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියකින් අනතුරුව අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු ලෙස ලක්දනවි සමාගම තෝරාගෙන ඇත.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ නොයිඩාහි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බවත් සඳහන් වේ.

මෙම විදුලි බලාගාරය ඉදිකිරීමේ ඉංජිනේරු කටයුතු ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම වෙත පැවරී ඇති අතර, විදුලි උත්පාදන උපකරණ සැපයීමට ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම එක්වීමට නියමිතය.

අදාළ ව්‍යාපෘතිය මඟින් අන්දමන් දූපතේ විදුලිබල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහාය වීම සහ එම කලාපයේ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.

මේ අතර, මෙම කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමත් සමඟ ලක්දනවි සමාගම ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පළමු වරට පිවිසෙන බව ද සඳහන් වේ.

මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් LTL සමූහයේ කළමනාකාරීත්වය හමුවී ඇති බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඉන්දියාව වැනි විශාල හා තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම පිළිබඳව රජයේ සතුට පළකර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

"මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

"18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?