header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක්
ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක්
Mobitel 1278

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.

දැනට පවතින ගුවන් යානා 23කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.

ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු ව ඇත.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.

එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද සඳහන්.

නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා වී ඇත.

2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි.

එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු ව ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.

තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.

ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

උඩ ගිය ලාෆ් ගෑස් මිල නිසා ජනතාවගෙන් දොස් - ''ගණන් වැඩි කළාට ගෑස් නෑ.. තාම ළිංවලද කොහෙද''| Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

ලක්මවට අභිමානයක් ගෙන එමින් යොවුන් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක් දිනූ ළහිරු දිවයිනට | Ada Derana

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

මේ අයවැය ලිබරල්ද? ධනවාදී ද? සමාජවාදී ද? - "ලැජ්ජයි විපක්ෂය ගැන, මේවා නින්දෙන් ඇහැරුණු විවේචන විතරයි"

 ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

ආහාර වර්ග කිහිපයක මිල දැනෙන ගාණකින් ඉහළට..

 ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

ගෑස් හිඟයට ලාෆ්ස් සමාගම හේතු කියයි

 "මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

"මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ මේ පාලනය... මේවා අයින් කරන්නේ නෑ"කැලිකසළවලින් පිරී යන බේරුවල ධීවර වරාය

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

"18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි