
ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඉන්දියානු බලධාරීන්ට භාර දී තිබේ.
ඒ අනුව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික විමර්ශන ඒජන්සියේ ඉල්ලීම මත නිකුත් කරන ලද ඉන්ටර්පෝල් රතු නිවේදනයකට අනුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවා ගන්නා ලද මෙම සැකකරු, පසුගිය 13 වැනිදා බැංගලෝර්හි කෙම්පගෞඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී NIA කණ්ඩායමක් විසින් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
තොරතුරු වාර්තා වන පරිදි, කැනඩාව වෙත නීත්‍යානුකූල ගමන් බලපත්‍ර මඟින් සංක්‍රමණය වීමට පහසුකම් සපයන බවට පොරොන්දු වෙමින් ශ්‍රී ලංකා පුරවැසියන් ජාවාරම් කිරීමේ කුමන්ත්‍රණයකට මොහු සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ නෑදෑයන්ගෙන් මුදල් එකතු කර ඇති ඔහු, එම මුදල් hawala නීති විරෝධි ක්‍රමයට ඉන්දියාවේ සිටින අනෙකුත් සැකකරුවන් වෙත යවා ඇති බව වාර්තා වේ.
2021 වසරේ මංගලෝර් හි නිවසක අනීතිකව ශ්‍රී ලංකා පුරවැසියන් පිරිසක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය පොලීසිය විසින් වැටලීම් සිදුකර ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂණ භාරගත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් නීති ක්රියාමාර්ගෙන ඇත.
මීට පෙර 2024 සහ 2025 වසරවලදී මෙම ජාවාරමට සම්බන්ධව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අතර සිදුකර ඇත.
කැනඩාවට යවන බව පවසමින් ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතිවිරෝධී මිනිස් ජාවාරම් ජාලය පිළිබඳ සිදුකෙරෙන අඛණ්ඩ විමර්ශනවල තවත් එක් වැදගත් පියවරක් ලෙස මෙම නව අත්අඩංගුවට ගැනීම දැක්විය හැක.
















































