header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්
අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්
Mobitel 1278

නාසා ආයතනයේ වොයේජර් 1 යානය අභ්‍යවකාශයේ ආලෝක දිනයක් සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට ආසන්නව තිබේ.

අභ්‍යාවකාශයේ සැතපුම් බිලියන 16.09ක දුරක් ගමන්කිරීමෙන් පසුව ආලෝක දිනයක් සම්පූර්ණ වන අතර,  වොයේජර් 1 යානය එළැඹෙන 18 වැනිදා වනවිට එම දුර ප්‍රමාණය සපුරනු ඇතැයි නාසා ආයතනය පවසයි.

මෙම යානය 1977 සැප්තැම්බර් 5 වැනිදා ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට අභ්‍යාවකාශගත කෙරුණි.

ඒ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් සහ ඒවායේ චන්ද්‍රයන් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහාය.

වසර 5ක කාලයකට සීමා කර තිබූ ප්‍රධාන මෙහෙයුම සාර්ථක අවසන්කිරීමෙන් අනතුරුව වොයේජර් 1 යානය සූර්යයාගේ බලපෑම අවසන්වන සීමාවෙන් ඔබ්බට ගොස් තාරකා අතර අවකාශය ගවේෂණය කිරීමටද යොදාගැනුණි.

සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත නයිට්‍රජන් බහුල ඝන වායුගෝලයක් ඇති බව තහවුරු කළේ වොයේජර් 1 යානය විසිනි.

එමෙන්ම 1990 වසරේ පෙබරවාරි 14 වැනිදා, කිලෝමීටර බිලියන 6ක් පමණ ඈත සිට පෘථිවිය දෙසට කැමරාව හරවා Pale Blue Dot නමින් හැඳින්වෙන ඓතිහාසික ඡායාරූපයද වොයේජර් 1 යානය මගින් ලබාගත් එකකි.

2012 වසරේ අගෝස්තු 2‍5 වැනිදා සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය පසුකර අන්තර් තාරකා අවකාශයට ඇතුළු වූ පළමු යානය බවට පත්වූයේද වොයේජර් 1 යානයයි.

යානය අභ්‍යවකාශගත කරන අවස්ථාවේ ඊට ඇතුළත් කළ දත්ත පිළිබඳව නාසා ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා අදහස් පළකළේය.

"එහි අඟල් 12ක ප්ලැටිනම් තැටියක් සහ රන් තැටියක් අඩංගු වෙනවා.අපේ සූර්යයා, මන්දාකිණිය වගේම පෘථිවිය පිළිබඳ තොරතුරු මෙන්ම අපේ පෘථිවියේ පවතින විවිධ ශබ්ද ඊට ඇතුළත් කරලා තිබෙනවා.

එහි භාෂා 55කින් පමණ සුබ පැතුම් ඇතුළත් වන අතර, ඒ අතරට 'ආයුබෝවන්' යන වචනය ද ඇතුළත්.

බුද්ධිමත්, දියුණු සහ අභ්‍යවකාශය තරණය කිරීමේ හැකියාව ඇති ශිෂ්ටාචාරයකට යම්කිසි දවසක එය හමුවේ යැයි උපකල්පනය කළොත්, විශ්වයේ එම ස්ථානයේ නැත්නම් මන්දාකිණියේ එම කොටසේ, මීට මිලියන ගණනක් වසරකට පෙර ජීවය පැවතුණු බව ඔවුන්ට සොයාගන්න පුලුවන් වේවි."

යානය අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරන මොහොත සැමරීමට එක්වන්නැයි නාසා ආයතනය ලෝකවාසීගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් ඇරයුම් කරන්නේ නොවැම්බර් 17 වැනිදා හිරු බැසීමෙන් අනතුරුව තම ජංගම දුරකථන හෝ වෙනත් ආලෝක ධාරා අහස දෙසට දල්වමින් මේ සුවිශේෂි මොහොත සැමරීමට එක්වන ලෙසටය.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?