
ගම්පහ අධිකරණයේ නව මහේස්ත්රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සිදුකර ඇත.
ඒ අනුව ඒ මහතා එළැඹෙන සඳුදා (09) වන දින එහි වැඩ බාර ගැනීමට නියමිතව තිබේ.
මින් පෙර එම අධිකරණයේ මහේස්ත්රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න මහතාට වහාම ක්රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරවීම් ලබා දීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා නව මහේස්ත්රාත්වරයා ලෙස කොස්ල සේනාධීර මහතා පත් කිරීමට මෙලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.














































