
විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගතව සහතික පත්ර නිකුත් කිරීමේ සේවාව ඉදිරි දින දෙක තුළ ක්රියාත්මක නොවන බවට ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
ඒ අනුව හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින තුළ අදාළ සේවාව ක්රියාත්මක නොවනු ඇත.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මාර්ගගතව සහතික පත්ර නිකුත් කිරීමේ සේවාවට අදාළ තොරතුරු පද්ධතියේ යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම දින දෙකතුළ මෙම සේවාව ලබා ගත නොහැකි බවය.














































