
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ලෙස පත්වූ ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ විදේශ කටයුතු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර හමුවක් සිදුව තිබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අද දින(06) මෙම හමුව සිදුව තිබේ.
මෙහිදී, බංග්ලාදේශයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ඉහළපෙළේ සංචාරයන් පිළිබඳව මෙන්ම දෙරටටම වැදගත් වන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී යළිත් තහවුරු කෙරිණි. එමෙන්ම, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ කලාපීය සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ද දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී.














































