
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ ගිනි අවියකට සමාන ආයුධයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (05) පස්වරුවේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය නිවාස අසලදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, මහින්ඳ මාවත, රජ මාවතේ පදිංචි 44 හැවිරිදි 'ශානත්' ලෙසින් හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී මිලි ග්‍රෑම් 15,000ක් පමණ වන අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් සහ ගිනිඅවියකට සමාන ආයුධයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (06) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වයි.














































