
රිපබ්ලිකන් පක්ෂයට අත්වූ මැතිවරණ පරාජය සඳහා ඉරාන යුද්ධය සහ ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩි. වැන්ස් ප්‍රකාශ කර තිබේ.
2024 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඡන්දය දුන් බොහෝ ඡන්දදායකයන්, වර්තමාන පරිපාලනයේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මෙම මැතිවරණයේදී වෙනත් පාර්ශ්ව වෙත නැඹුරු වී ඇති බව ඔහු පෙන්වා ද ීඇත.
X සමාජ මාධ්‍ය ඔස්සේ දිගු ප්‍රකාශයක් නිකුත් කරමින් උප ජනපති වැන්ස් සඳහන් කර ඇත්තේ, පක්ෂයේ ආධාරකරුවන් ඡන්දපොළට නොපැමිණීම මෙම පරාජයට ප්‍රධාන හේතුව නොව, 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්-වැන්ස් නායකත්වයට ඡන්දය දුන් සැලකිය යුතු පිරිසක් මධ්‍යකාලීන මැතිවරණයේදී පක්ෂයට එරෙහිව ඡන්දය භාවිත කර ඇති බවය.
මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය තහවුරු කර ගෙන ඇති අතර, එය ට්‍රම්ප් පාලනාධිකාරයට එල්ල වූ දැඩි පහරකි. මේ හරහා පරිපාලනයේ තීරණ, ආර්ථිකය මෙන්ම ඉරානය සමඟ ඇති යුදමය තත්ත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට බලය හිමි වේ.
කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්‍රතිඵලය තමන්ට එල්ල වූ පහරක් ලෙස නොදකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, තම පාලන කාලය තුළ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිඵල අත්කර දී ඇති බවයි. කෙසේ වෙතත්, අපේක්ෂකයන්ට ඡන්දදායකයන් උනන්දු කරවීමට නොහැකි වීම සහ තමන් ඡන්ද පත්‍රිකාවේ නොසිටීම මෙම පරාජයට හේතු වූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් පුවත් වැඩිදුරටත් පවසයි.



















































