
සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, ශ්‍රී ලංකාවේ අලුතින් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාක්සියාං මහතා අද (04) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී හමුවිය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී චීන ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම, චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, ආර්ථික සහයෝගිතාව, ව්‍යවසායකත්වය සහ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අධ්‍යාපන අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ බව සඳහන් වේ.
සාකච්ඡාව අතරතුර, දිලිත් ජයවීර මහතා චීනය, ශ්‍රී ලංකාව සමඟ පවත්වන දිගුකාලීන මිත්‍රත්වය සහ රටේ සංවර්ධනයට ලබා දෙන දායකත්වය අගය කළේය.
"චීනය ශ්‍රී ලංකාවේ වැදගත් මිතුරෙක්. මොකද චීනය අපේ රටට කරපු දේවල් එක්ක බලද්දී බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉතාම සුළු දෙයක්," දිලිත් ජයවීර මහතා පැවසීය.
සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීනයේ ප්‍රවේශය අවධාරණය කරමින් තානාපති වේයි හුවාක්සියාං මහතා මෙසේ අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන චීන ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සර්වජන බලය දූත පිරිස දැනුම්වත් කළේය.
එමෙන්ම නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ මුලපිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම චීන තානාපති කාර්යාලයේ වැදගත් ප්‍රමුඛතාවයක් ලෙස පවතින බවත්, එවැනි ව්‍යාපෘති මගින් දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසිය හැකි බවත් තානාපතිවරයා අවධාරණය කළේය.
සාකච්ඡාව අතරතුර, තානාපති වේයි මහතා නුදුරු අනාගතයේ දී චීනයේ සංචාරය කිරීම සඳහා සර්වජන බලය දූත පිරිසකට ආරාධනයක් කළේය.
චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා වන ශිෂ්‍යත්ව අවස්ථා පිළිබඳව ද ඔහු සාකච්ඡා කළේය.
එමෙන්ම හම්බන්තොට වරායේ නවතම වර්ධනයන් නිරීක්ෂණය කිරීමටත්, එහි ක්‍රියාකාරීත්වය සහ අනාගත විභවයන් පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීමටත් පක්ෂ දූත පිරිසකට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාව කෙරෙහි චීනය දක්වන අඛණ්ඩ මිත්‍රත්වය සහ ත්‍යාගශීලීභාවය පිළිබඳව දිලිත් ජයවීර මහතා සිය කෘතඥතාව පළ කළේය.
ප්‍රගතිශීලී දේශපාලනය, ආර්ථික සංවර්ධනය සහ ව්‍යවසායකත්වය තුළින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
චීන සහ ශ්‍රී ලංකා ආර්ථිකයන්හි ප්‍රමාණයේ විශාල වෙනසක් තිබියදීත්, චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව වටිනා ආධාර ලබා දී ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. දේශීය ව්‍යාපාරවලට සහ තරුණ ව්‍යවසායකයින්ට වඩාත් තරඟකාරී සහ ස්වයංපෝෂිත වීමට ඉඩ සලසමින් චීන ව්‍යවසායකත්ව දැනුම, ව්‍යාපාරික අත්දැකීම් සහ ප්‍රායෝගික විශේෂඥතාවයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා ලබා දෙන ලෙස ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියේය.
දිලිත් ජයවීර මහතා සර්වජන බලය පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස තානාපති වේයි හුවාක්සියාං මහතාට සුහද ආරාධනයක් ද කළේය.
ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සහයෝගිතාව සඳහා අවස්ථා ගවේෂණය කිරීමට සහ සංවාදය පවත්වා ගැනීමට දෙපාර්ශවයම සිය කැමැත්ත පළ කිරීමත් සමඟ හමුව සුබවාදීව නිම විය.
රොෂාන් රණසිංහ - සර්වජන බලය සභාපති සහ පොළොන්නරුව දිස්ත්‍රික් නායක
ආචාර්ය චන්න ජයසුමන - සර්වජන බලය උප සභාපති සහ කොළඹ දිස්ත්‍රික් නායක
ගාමිණී වලේබොඩ - සර්වජන බලය උපසභාපති සහ රත්නපුර දිස්ත්‍රික් නායක
අනුරාදා යහම්පත් - සර්වජන බලය උප සභාපතිනි
නීතිඥ මධුර විතානගේ - සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී
ඉරංග මෙන්ඩිස් - සර්වජන බලය ජාත්‍යන්තර සබඳතා ලේකම්
අනුරුද්ධ හේරත් සර්වජන බලය කුරුණෑගල දිස්ත්‍රික් නායක
යන පිරිස සර්වජන බලය විධායක කමිටුව නියෝජනය කරමින් දිලිත් ජයවීර මහතා සමඟ එක්ව සිටියහ.
චීන තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන මේයි ජින්ග් සහ ජින් එන්සේ ද තානාපති වේයි හුවාක්සියාං මහතා සමඟ එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිඹිබු වූ අතරම ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ ජනතාව අතර සහයෝගිතාව සඳහා නව මාවත් ගවේෂණය කරන ලදී.



















































