
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද(04) දක්නට ලැබුණි.
එහි ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48 කින් (2.09%) ඉහළ ගොස් 20,541.12ක් ලෙස සටහන් විය.
එමෙන්ම, ප්රධාන පෙළේ සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 112.52 කින් (1.97%) ඉහළ යමින් 5,838.09ක් ලෙස අවසන් විය.
මෙහිදී සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.85ක් ලෙස වාර්තා වී තිබේ.



















































