header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් මෙරටට ගෙන්වන්න සැලසුම්
Nov 04, 202602:20 PM
රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් මෙරටට ගෙන්වන්න සැලසුම්
Mobitel 1278

රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා රිදී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ,  පූජ්‍ය රිදීගම වනරතන හිමිපාණන් වහන්සේ ඇතුළ රාජ්‍ය නිලධාරීහු සහ  සංචාරක ක්ෂේත්‍රයට  අදාළ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ  පිරිසක් ද එක්ව සිටියහ.  

කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනාගත්  රිදී විහාරය එහි පෞරාණික වටිනාකම්  රැකගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

එමගින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .

එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි සාකච්ඡාවට ලක් විය.

යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් තුළින් මෙම විහාරස්ථානය  ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි ස්ථානයක් බවට, පත් කළ හැකි බව  මෙහිදී  අවධාරණය කල බව එම නිවේදනයේ සඳහන් වේ.  

කාබන්වලින් තොර කලාපයක් ලෙස, මෙම විහාරස්ථානය සහ අවට පරිසරය පවත්වාගෙන යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු  අතර,  එම ඉලක්කය සහිතව රථවාහන ධාවනය, අවන්හල් පවත්වාගෙන යාම ආදි කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.

මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ පුහුණු කිරිම පිළිබඳවද වැඩිදුරටත්  සාකච්ඡා කරනු ලැබිණ.

රිදී විහාරය සහ අවට සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළු  යටිතල පහසුකම් සංවර්ධනය සහ  අනෙකුත් සංවර්ධන කටයුතු විධිමත් සැලැස්මකට අනුව සිදු කිරීම පිළිබඳවද  සාකච්ඡා විය.‍

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන,  නාගරික සංවර්ධන  අධිකාරිය, වයඹ පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන  අධිකාරිය, වනජීවි හා වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර ගත යුතු බවද  මෙහිදී අවධාරණය කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී