
ත්‍රිකුණාමලය, කප්පල්තුරෛ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයා නාවික හමුදා සෙබළෙක් බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් රියදුරු ලෙස සිටි අදාළ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර,එලෙස මියගොස් ඇත්තේ, 39 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ 28 හැවිරිදි සහ 38 හැවිරිදි වයස්වල පසුවෙන ආනන්දකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.
ඊයේ (02) රාත්‍රී මාර්ගය අසල නතර කර තිබූ ත්‍රිරෝද රථයක සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව වී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


















































