
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් ව ඇති බව සඳහන්.
ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ ලකුණු පහළ වීම මෙලෙස මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
ඉරානය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සමඟ මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බවය.
දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර තිබේ.
මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව පිළිබඳ ලිපියක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එය මාස කිහිපයකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් ගත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස සැලකේ.


















































