header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව තවත් තීරණයක්
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව තවත් තීරණයක්
Mobitel 1278

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයන් 20,000කට අධික පිරිසකගේ තැපැල් ඡන්ද ගණන් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉදිරිපත් කළ හදිසි ඉල්ලීමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (02) දිනයේ මෙම තීරණය ලබාදී ඇති අතර, අදාළ ඡන්දදායකයන්ගෙන් පිරිසක් අමෙරිකානු පුරවැසියන් නොවන බවට ෆෙඩරල් බලධාරීන් සැක පළ කර තිබිණි.

අධිකරණය මෙම තීරණය ලබාදී ඇත්තේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් හදිසි ඉල්ලීම ඉදිරිපත් කර පැය කිහිපයක් ඇතුළත වීම විශේෂත්වයකි.

එම තීරණයත් සමඟ අදාළ ඡන්ද ගණන් කිරීම වැළැක්වීමට ට්‍රම්ප් පරිපාලනය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති අතර, කිසිදු විනිසුරුවරයකු ප්‍රසිද්ධියේ විරෝධය පළ කර නොමැත.

අදාළ ඡන්ද ගණන් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් පරිපාලනය මීට පෙර කළ ඉල්ලීමක් ෆෙඩරල් අභියාචනාධිකරණය ද පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කර තිබිණි.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමෙන් පෙන්වා දී තිබුණේ, අභියෝගයට ලක්ව ඇති ඡන්ද නීත්‍යනුකූල ඡන්ද සමඟ මිශ්‍ර වූ පසු ඒවා වෙන්කර හඳුනාගැනීමට නොහැකි වන බවය.

එබැවින් අදාළ ඡන්දදායකයන් අමෙරිකානු පුරවැසියන් බව තහවුරු කරන තෙක් ඔවුන්ගේ ඡන්ද වෙනම තබා ගණන් කිරීමෙන් වළකින ලෙස පරිපාලනය ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, කැලිෆෝනියා නීතිපති රොබ් බොන්ටා මෙම පියවර දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ, එය මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සහ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමේ තවත් උත්සාහයක් බවය.

අමෙරිකානු මැතිවරණවලදී පුළුල් ලෙස ඡන්ද වංචා සිදුවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ද ප්‍රකාශ කර ඇති නමුත්, 2020 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ එවැනි චෝදනා සඳහා සාක්ෂි නොමැති බව වාර්තා වේ.

අමෙරිකාවේ සිදුකර ඇති අධ්‍යයන සහ ප්‍රාන්ත මට්ටමේ විගණනවලින් ද පුරවැසියන් නොවන පුද්ගලයන්ගේ නීතිවිරෝධී ඡන්ද භාවිතය ඉතා දුර්ලභ බව පෙන්වා දී තිබේ.

අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ඡන්දදායකයන් 20,000කට අධික පිරිසකගේ නම් ඇතුළත් ලැයිස්තුවක් කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන්ට සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත බලධාරීන්ට යොමු කර තිබිණි.

1996 වසරේ සම්මත කරන ලද ෆෙඩරල් නීතියක් අනුව, අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයන් ෆෙඩරල් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම අපරාධයක් ලෙස සැලකේ.

එම නීතිය ක්‍රියාත්මක කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තය බාධා කරන බවට චෝදනා කරමින් අධිකරණ දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 15 වැනිදා නඩුවක් ගොනු කළේය.

එහෙත් කැලිෆෝනියා බලධාරීන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්තය තුළ ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රමවේද පවතින බවය.

තවද, ෆෙඩරල් බලධාරීන් විසින් ඡන්දදායකයන්ගේ තොරතුරු පරීක්ෂා කරමින් සකස් කරන ලද ලැයිස්තුවේ දෝෂ රැසක් තිබිය හැකි බවත්, පුරවැසියන් නොවන පුද්ගලයන් ලෙස හඳුනාගත් ඇතැම් පුද්ගලයන් පසුව අමෙරිකානු පුරවැසිභාවය ලබාගත් අය බව තහවුරු වී ඇති බවත් කැලිෆෝනියාව අධිකරණයට දැනුම් දී තිබේ.
 

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...