header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කාන්තාවකට හිරිහැර කළ පොලිස් කොස්තාපල්වරයාට පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියෝග
කාන්තාවකට හිරිහැර කළ පොලිස් කොස්තාපල්වරයාට පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියෝග
Mobitel 1278

කාන්තාවකට අමානුෂික ලෙස පහර දී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින්, දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා විසින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ වෙනුවෙන් වගඋත්තරකරු විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවක් තීන්දුවේ සඳහන් වේ.

තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්ති නම් කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවියගේ මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ, දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරත වූ බවත්, ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය විසින් නඩු කිහිපයක් ගොනු කර තිබූ අතර ඒවාට තමන් වරදකරු වී ඇති බවය.

කෙසේ වෙතත්, එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතුවලින් ඉවත් වූ බවත්, ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය සකස් කරගත් බවත් ඇය සඳහන් කර ඇත.

ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, ඊට අදාළ ලියාපදිංචි සහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය පවසයි.

කෙසේ වෙතත්, 2019 වසරේ ඔක්තෝබර් මස 7 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට ගත් බවත් ඇය පවසයි.

ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක්ද රැගෙන "චානක මල්ලි" නමැත්තෙකුගේ ත්‍රිරෝද රථයෙන් තමා දොම්පේ පොලිසියට ගිය අතර, එහිදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයට ලක් කළ බවත් ඇය සඳහන් කරයි.

ඒ තුළින් ඇති වූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛනද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහෙත් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරු කටයුතු නොකළ අතර, ඔහුට අදාළව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ, මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය විසින් ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් සිදු කර තිබූ බවත්, ඊට අදාළ ලේඛන ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්ය.

ඊට අමතරව, ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මඟින්ද එය තවදුරටත් තහවුරු වී තිබේ.

මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් ඉන් පසුවත් පොලිසිය විසින් පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් තීන්දුවේ සඳහන් වේ.

මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පෙත්සම්කාරිය කෲර වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වගඋත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීන්දු කර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්