
ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර පෞද්ගලික මල්ශාලාව වෙත අද (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
එම අවස්ථාවට මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග සහ නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන යන මහත්වරුන් එක්ව සිටින බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කළේය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඊයේ (31) දින අභාවප්රාප්ත වූ අතර ඒ වනවිට ඔහු 85 වැනි වියෙහි පසුවිය.
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ ලාල් විජේනායක මහතා, දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.
පසුව එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට සිය දායකත්වය ලබාදුන්නේය.
ලාල් විජේනායක මහතා පළමු මධ්යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය ද හොඹවා ඇත.
ආණ්ඩු පක්ෂය තුළ සිටිමින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22වැනි සංශෝධනයට මෙන්ම ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට එරෙහිවද පෙනී සිටි අයෙකු ලෙස ඔහු පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ අයෙකු විය.

















































