
කළු ගඟ ද්රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා ද දීර්ඝ කර තිබේ.
කළු ගඟ ද්රෝණිය සඳහා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය යාවත්කාලීන කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගග පිටාර තැන්නට අයත් පහත් බිම් ආශ්රිත ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.



















































