
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට (28) කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කාලය ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව, අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේ කරුණු දක්වන ලෙස මහෙස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර ඇත.



















































