
ලොව පුරා විවිධ රටවල හදිසි අර්බුදකාරී තත්ත්වයන් හටගන්නා අවස්ථාවලදී එහි සිරවී සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ඉන්දියාව අඛණ්ඩව කටයුතු කර ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්ය පියුෂ් ගෝයල් පවසයි.
ජර්මනියේ බර්ලින් නුවර පැවැති උත්සවයක් අමතමින් අමාත්යවරයා පෙන්වාදී ඇත්තේ හදිසි අවස්ථාවලදී බොහෝ රටවල් සංචාරක උපදෙස් නිකුත් කිරීමට පමණක් සීමා වන බවය.
නමුත්, ඉන්දියාව ක්රියාත්මක වන්නේ මව්බිමට පැමිණීමට අවශ්ය වැසියන් සුරක්ෂිතව ආපසු ගෙන ඒමට ප්රායෝගික පියවර ගනිමින් බව ඔහු පවසයි.
එසේම, ඉන්දියානුවන්ට අමතරව අර්බුදකාරී ප්රදේශවල සිරවී සිටි වෙනත් රටවල වැසියන් මුදාගැනීමටද ඉන්දියාව සහාය වී ඇති බව ඔහු සඳහන් කරයි.
යුක්රේන යුද සමයේදී සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් අග්රාමාත්ය නරේන්ද්ර මෝදි පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බවද ඉන්දීය වාණිජ හා කර්මාන්ත ඇමති පවසා තිබේ.
මෙම කැපවීම් මගින් පෙන්නුම් කරන්නේ අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවලදී සිය රටවැසියන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුරක්ෂිත පැමිණීම තහවුරු කිරීමට ඉන්දියාව දක්වන කැපවීම බවද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



















































