
ලෝකයේ දියුණු රටවල් රැසක්ම මේ වනවිට සංක්රමණිකයින් සීමා කිරීමට දැඩි පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
ඒ අනුව අද (27) සිට ක්රියාත්මක වන පරිදි ශිෂ්ය විසා නීති දැඩි කිරීමට නවසීලන්තය තීරණය කර ඇත.
මේ යටතේ පර්යේෂණ පදනම් කරගත් ශාස්ත්රපති උපාධිය සඳහා නවසීලන්තයට පැමිණ සිටින විදෙස් අයදුම්කරුවන්ට ලබාදී තිබූ අසීමිත රැකියා අයිතිවාසිකම ඉවත් කර එය සතියකට පැය 25 දක්වා සීමාකර තිබේ.
එමෙන්ම අයදුම්කරුවන්ගේ ඉංග්රීසි භාෂා සුදුසුකම ද දැඩිව සලකා බලන අතර, ශිෂ්ය වීසා අත්හිටුවීමට සංක්රමණික නිලධාරීන්ට වැඩි නිදහසක් ද මෙමගින් ලබා දී ඇති බව වාර්තා වේ.



















































