
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර අද (27) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ශ්රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානය වෙත ලබාදීමටය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම, එංගලන්තය සහ පාකිස්තානය අතර මෙම තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය පැවැත්වෙයි.
එහි ශ්රී ලංකාව සහභාගීවන තීරණාත්මක තරගයක් මෙලෙස අද පැවැත්වෙයි.



















































