header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පවතින ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
පවතින ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
Mobitel 1278

'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑමෙන් ඉහළ ගිය ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පැවතියද එහි අවදානම තවමත් පහව ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පැවසීය.

'ඔර්නබ්' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ කාලගුණික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමේ 'අද දෙරණ Big Focus'වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව, මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑමක් නොතිබුණද, මෙරටට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සුළඟ සහ වර්ෂාපතනය හේතුවෙන් බව ඒ මහතා පැවසීය.

මෙම වර්ෂා තත්ත්වයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, බස්නාහිර පළාත,වයඹ පළාත,සබරගමුව පළාත සහ මධ්‍යම පළාතේ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩිම බලපෑමට ලක්ව ඇති ඒ මහතා පැවසීය.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගිංගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ඉහළ ධාරා ප්‍රදේශවලට බව ඔහු පැවසීය.

මීට අමතරව, මහවැලි ගගේ ඉහළ ප්‍රදේශවලටද ඊයේ සවස සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 125ත් 150ත් අතර වර්ෂාවක් ලැබී ඇති හෙයින් ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පැවසීය.

ඒ අනුව, නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාවත් සමඟ මධ්‍යම සහ පහළ ප්‍රදේශවල, විශේෂයෙන් අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශවල දැනට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල සහ අකුරැස්ස ප්‍රදේශයේ ජල මට්ටම යම් පමණකින් අඩුවෙමින් පැවතුණද, පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර එය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් නොමැති බව පැවසීය.

එලෙසම ගිං ගඟේ බද්දේගම සහ ඒ ආසන්න පහත්බිම් ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය මට්ටමක වැඩිවීමක් පෙන්වන අතර, එය සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව පවතී.

මේ අතර,ඊයේ දිනයේ කළු ගඟෙහි ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ සැලකිය යුතු සුළු ගංවතුර මට්ටමක් ඉක්මවා යාමක් දක්නට ලැබුණු අතර, පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.

කෙසේ වෙතත්,මේවන විට රත්නපුර ප්‍රදේශයේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර, කුඩාගඟ ප්‍රදේශයේ මිල්ලකන්ද සහ ඉන් පහළ කුටුපවුළ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් පහත්බිම්වල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය මට්ටමක වැඩිවීමක් පෙන්වන බව ඒ මහතා පැවසීය.

එලෙසම  ඊයේ දිනයේ කෙටි කාලයක් තුළ කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් කිතුල්ගල සහ හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර මේ වන විට කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ධූනමලේ ප්‍රදේශයේ අත්තනගලු ඔය ආශ්‍රිතව මේ වන විටත් සුළු ගංවතුර තත්ත්වයක් සහ සාමාන්‍ය ජල මට්ටම් වැඩිවීමක් පවතින බව පැවසීය.

ඒ හේතුවෙන් ඉන් පහළ පහත්බිම් ප්‍රදේශ තවදුරටත් යටවීමේ අවදානමක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට බඩල්ගම ප්‍රදේශයේ ජල මට්ටම අඩුවෙමින් පැවතුණද, ඉන් පහළ ප්‍රදේශවල තවදුරටත් යම් ජල මට්ටම් වැඩිවීමක් නිරීක්ෂණය වන බව වැඩිදුරටත් සඳහන් කරන්නට විය.

නමුත් අද දිනයේදී වර්ෂාපතනය ලැබෙන කාලගුණයක් ඇති අවදානම් මට්ටමකට පැමිණ ඇති මෙයින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
 

MostRead
Mobitel 1278
VideoStories
 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..