
හබරාදූව දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ලබන (06) වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්රාත් මහේෂිකා විජේතුංග මහත්මිය අද (26) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැස්බැව පදිංචි 40 හැවිරිදි බස් රථයේ රියදුරු සහ මහරගම පදිංචි 21 හැවිරිදි බස් රථයේ කොන්දොස්තරවරයායයි.
මිනීමැරීමට තැත් කිරීම,අන් අයගේ ජීවිත අනතුරට ලක්වන සේ ක්රියා කිරීමෙන් තුවාල සිදු කිරීම, පොදු මාර්ගයක අනතුරුදායක ලෙස සහ අපරීක්ෂාකාරී ලෙස වාහන පැදවීම ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරුවන් හබරාදුව පොලීසිය රථවාහන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.























































