
හබරාදුව - කොග්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටුණු බස් රථයේ ධාවන බලපත්රය තාවකාලිකව අත්හිටුවා තිබේ.
බස් රථය, විශේෂ චාරිකා බලපත්රයක් ලබාගෙන නොමැතිව අදාළ අධ්යාපන චාරිකාව සඳහා එක්කර ඇති බැවින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් එම බලපත්රය තහනම් කර ඇති බව සඳහන් වෙයි.
එලෙසම බස් රථය ධාවනය කළ අවස්ථාවේ එහි රියදුරු අදාල බස් රථය සඳහා ලියාපදිංචි රියදුරා නොවන බවට ද අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කළේය.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු දුම්රියක හබරාදුව - කොග්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී අදාල බස් රථය ගැටී ඊයේ දහවල් අනතුරක් සිදුව තිබුණි.
අධ්යාපන චාරිකාවක නිරත වු කොට්ටාව ප්රදේශයේ උපකාරක පංතියක ළමුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබු අතර අනතුරින් බස් රථයේ ගමන් ගත් ළමුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.



















































