header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කළුතරදී අවන්හල් හිමිකරුවෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි
කළුතරදී අවන්හල් හිමිකරුවෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි
Mobitel 1278

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සැකකරු කඩුවෙල, රණාල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීය.

පසුගිය 09 වැනි දින උදෑසන නාගොඩ අවන්හල ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 54ක් වූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ පසුව රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධව පොලිසිය විමර්ශනයක්ද ආරම්භ කර තිබුණි.

ඒ අනුව එම අපරාධයට සම්බන්ධ දුරකථන විශ්ලේශණ වාර්තා සහ CCTV දර්ශන අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කඩුවෙල ප්‍රදේශයේ රැඳී සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව කඩුවෙල, රණාල ප්‍රදේශයේ දී අදාළ සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දිප්පිටිගොඩ ශක්ති නැමැත්තාගේ ඥාති නිවසක මෙම සැකකරු සැඟව සිට ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කළේය.

වෙඩික්කරු කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම ඝාතනය සඳහා ටී56 ගිනි අවියක් වෙනත් පුද්ගලයෙකු ඔහුට ලබා දී ඇති අතර ඝාතනයෙන් අනතුරුව එම ගිනිඅවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේදී වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දී ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්