
එළැඹෙන 27 වනදා උදෑසන වනවිට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමෙන්තුව පවසයි.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණවිද්යා දෙපාර්තමෙන්තුව මේ බව දැනුම් දී ඇත.
එහි සඳහන් වන්නේ, බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින පීඩන අවපාතය අද (25) පෙ.ව. 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 91.2° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණ බවය.
ඒ අනුව, මෙම පද්ධතිය අද දින බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන් වේ.
තවදුරටත් මෙම පද්ධතිය දකුණු දෙසට ගමන්කර ක්රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, අනිද්දා (27) උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බව දැනුම් දී තිබේ.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැක.
ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.



















































