
කළුතර, නාගොඩ අවන්හලක් ඉදිරිපිටදී වෙඩිතබා පුද්ගලයෙකු සහ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔක්තෝබර් 9 වනදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (15) රාත්රියේදී බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 26 සහ 36 යන වයස්වල පසුවන කළුතර දකුණ සහ අගලවත්ත ප්රදේශවල පදිංචිකරුවෝ බව සඳහන්ය.
ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් එකක් සහ සොරකම් කරන ලද බවට සැක කෙරෙන ත්රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































