
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
භික්ෂූන් වහන්සේලා සහ පොලීසිය අතර මෙම නොසන්සුන්තාව හටගෙන තිබේ.
කෙසේවෙතත් ඉදිකිරීමට ගිය කූඩාරම ඉවත් කරන ලෙසට පොලිසිය නියෝග කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසින් එය මාර්ගයේ පසෙකට ගෙන යාමට පියවර ගෙන තිබුණි.



















































